Saturday, May 17, 2014
මිතුර, ඔබ....
ඔබ හඩන විට සිනාසෙන හැටි කියා දෙන්නට බැරිබව සැබෑ මුත්..
මටද..
වදනක් හෝ නොකියා..
ඔබේ දෑත සුරැකිව මිරිකාගෙන හිදින්නට හැකිය...
ඔබේ කදුලුවල බර මගේ උරහිසට වැඩි නොවන බැව් දිව්රා කියන්නටද හැකිය...
ඔබ කෝපයෙන් රත්වගිය දෙනෙතින් බනිනවිට..
අවවාද නොදී හිදින්නට පමණක් නොව..
ඒ කිසිවක් ගණන් නොගෙන ඉන්නටද මට පොරොන්දුවිය හැකිය....
ඔබ වැරදි පාපොච්චාරණයක් කළවිට..
ගොළුවකුසේ මුවින් නොබැන..
විශ්වාසයේ දෙනෙතින් ඔබ අවදිකර තබන්නටද හැකිය.....
එහෙත් යම් දිනෙක ඔබ මට කතා කරන විට..
නැවත නැවතත් කතා කරන විට......
මා පිළිතුරු නොදුන්නේ නම් ..
ඒ....
මා ඔබව නොඇසෙන දුරක හිදිනවා පමණක් බව තේරුම් ගත යුතුය......
මන්ද...
මිත්රත්වය වනාහි..
නොපෙනී යනවා මිස සදහටම ඔබව හැර යන්නේ නැත.....
වලාකුළු පහවගිය රාත්රියක..
ගෙමිදුලෙහි නෙක රටා අදින සද එලිය මත..
ඒ..
මිත්රත්වයේ සිසිලස කිසිදාක හිග නොවනු ඇත......
මෙය ඔබෙත් මගෙත් ඒ නොමැකෙන..
නොබිදෙන.. මිතුරුබව වෙනුවෙන්..
මවෙතින් ඔබට පිදෙන ආත්මීයවූ..
හර්දයාංගම දිවුරුම් සටහනයි...!
Labels:
ආදරෙයි මං









0 comments:
Post a Comment